News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත

382 Views


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව කතා නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාට එළැඹෙන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී අදාළ එන්නත ලබා දීමට නියමිතයි.

මේ අතර බන්ධනාගාර නිලධාරීන්ට ද එම එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ යටතේ නිලධාරීන් 5,100ක් සඳහා බන්ධනාගාර පුහුණු පාසලේදී අදාළ එන්නත ලබා දීම ආරම්භ කෙරෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post