News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

“ෆුල් ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්න එපා” – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

410 Views


“ෆුල් ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්න එපා” – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආරක්ෂිත හිස් වැසුම් භාවිත කරන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට මෙම දැනුම් දීමකර තිබුණේ, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් පාරින්ද රණසිංහ මහතායි.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකර තිබුණා.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනුකර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමතකර නොමැති බවත් එය නීතියට පටහැනි බවත් පවසා තිබෙනවා.

ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බව පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශකර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post