News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

දරුවන් දෙදෙනාට වස පෙවූ මවත් වස බොයි – දරුවන්ට බරපතලයි

472 Views


දරුවන් දෙදෙනාට වස පෙවූ මවත් වස බොයි – දරුවන්ට බරපතලයි

දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ මවක් තම දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කිරීම හේතුවෙන් ඔවුන් රෝහල්ගතකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර කලක සිට පවතින පවුල් ආරවුල් හේතුවෙන් ඇය මෙලෙස සිය දරුවන්ට වස පොවා ඇය ද වස පානයකර ඇති බවට අනාවරණ වී ඇති බවයි.

ඇය ඊයේ සිය අවුරුද්දක් වයසැති පුතු සහ අවුරුදු තුනක් වයසැති දියණිය ද සමග දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයට ගොස් තිබුණා.

ඔවුන් වස පානයකර තිබුණේ එම ප්‍රදේශයේදීයි.

පසුව ඔවුන් මාර්ගයක් අසල වැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් එම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතුකර තිබුණා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි.

එමෙන්ම දරුවන්ට වස පොවා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ අදාළ මවට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post