පැය 24ක් තුළ සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කළ යුතු බවට නව තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එමෙන්ම මංගල උත්සව සහ සෙසු ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගී වන පිරිස 150කට සීමාකර තිබූ බවත් එය යළිත් 50 දක්වා අඩු කිරීමට තීරණයකර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
නීතිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බව ඔහු පැවසුවා.
රාත්‍රී සමාජශාලා සහ විනෝද ගමන් පිළිබඳ විශාල පිරිසක් එක් වරකදී රැස්වන බවටත් තොරතුරු ලැබී ඇතැයි පෙන්වා දුන් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, ඒ සඳහාත් ඉදිරියේදී යම් සීමාවන් පැනවීමට කටයුතු කරන බවයි.