News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගනියි (වීඩියෝ)

653 Views


ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගනියි (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම්. එස්. දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දීය රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගෙන තිබෙනවා.

මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

දිවි නසා ගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් සටහනක් තැබූ ඔහු පෞද්ගලික ගැටලු මත දිවි නසා ගැනීමට තීරණය කළ බව සඳහන්කර තිබූ අතර වීඩියෝවක් ද මුහුණු පොතට එක්කර තිබුණා.

මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසා ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව සිය සැමියාව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් තිබූ නමුත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටියා.

‘එම්. එස්. දෝනි’ සිනමාපටයේ දෝනිගේ මිතුරා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ සන්දීප් නහාර්.

එම සිනමා පටයේම දෝනිගේ චරිතය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත් ද ඉකුත් වසරේදී දිවි නසාගත්තා.

සන්දීප් නහාර් දිවි නසා ගැනීමට පෙර මුහුණු පොතට එක්කර තිබූ වීඩියෝව පහතින් :


News Articles
Latest Videos
Most Popular Post