News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි – තැන් කිහිපයකට වැසි රහිත කාලගුණයක්

343 Views


සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි – තැන් කිහිපයකට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු කාලයේ එලෙස තද වැසි ඇති විය හැකි වනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post