News Line| Off Air
Generic placeholder image

Feb
16

පියාසර කිරීමට හැකි ලොව ප්‍රථම මෝටර් රථය එළි දකියි

671 Views


පියාසර කිරීමට හැකි ලොව ප්‍රථම මෝටර් රථය එළි දකියි

පැයට සැතපුම් සියයක වේගයෙන් ඉහළ යා හැකි දෙමුහුන් මෝටර් රථයක් සඳහා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) අනුමැතිය ලබා දී තිබෙනවා.

අදාළ මෝටර් රථය ගුවනේ පියාසර කිරීම මෙන්ම මාර්ගයේ ධාවනය කිරීමට ද හැකි වීම හේතුවෙන් එය දෙමුහුන් මෝටර් රථයක් ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට මෙම මෝටර් රථය ධාවනය නියමුවන්ට සහ පියාසැරි පාසල් සඳහා පමණක් ලබා දී තිබෙනවා.

ඒ් අනුව එය නීත්‍යානුකූලව ධාවනය කිරීමට තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇති බවට මත පළ වන බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post