News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
17

26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කල 22 හැවිරිදි FB පෙම්වතිය රක්ෂිත බන්ධනාගාරයට

1218 Views


26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කල  22 හැවිරිදි  FB  පෙම්වතිය රක්ෂිත බන්ධනාගාරයට

ඉකුත් දා සීදුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වූ අතර මේ වන විට එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 22 හැවිරිදි තරුණියක් ද වන බවයි පැවසෙන්නේ.

අදාල තරුණිය මුහුණු පොත හරහා දැන හදුනාගෙන පසුව ඇය විසින් අදාල 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයාට සිදුව ප්‍රදේශයේ හෝටලයක නතර වීම සදහා එම ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන අතර ඔහුද වෑන් රථයකින් අදාල ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙනවා. ඉන් දින දෙකකට පසුව මොහුගේ මෘත ශරීරය නිකවැරටිය, කොටවෙහෙර පොලිස් වසමේ ස්ථානයක දී පොලිසිය විසින් සොයාගනු ලැබු අතර පොලිසිය විසින් සිදු කල වැඩි දුර විමර්ශනයකදී ආනාවරණය වී ඇත්තේ අදාල ඝාතනය ට ලක් වූ පුද්ගලයාට මාතර, ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තිබෙන බවත් එය ඔහු විසින් කුලියට ලබා දී තිබෙන පිරිස විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි. නැවත එම ගොඩනැගිල්ල ලබා ගැනීමට උත්සහ දැරීම නිසා මෙලෙස අදාල පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post