ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
පාලමක් මතින් ගමන් කරමින් තිබියදී මෙලෙස බස් රථය ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 ක් පමණ සිට ඇති බවයි සදහන් වන්නේ.




