රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගත් අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අල්ලස් මුදල ලබා ගැනීමේදී මෙලෙස කාර්යාලය තුළ දී අත් අඩංගුවට පත්ව ඇති අතර සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවයි වාර්තා වන්නේ.