News Line| Off Air
Generic placeholder image

Feb
18

රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි 20 හැවිරිදි තරුණයාට අත් වූ ඉරණම

482 Views


රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි 20 හැවිරිදි තරුණයාට අත් වූ ඉරණම

නාවලපිටිය ප්‍රදේශයේ රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි තරුණයෙකුගේ මළ සිරුර බච්චාගම ප්‍රදේශයේ ඉදි කර ඇති පාලම අසල මහවැලි ගගේ තිබී හමුව තිබෙනවා.

අදාල පුද්ගලයා ඊයේ රාත්‍රී 08.00 ට පමණ නාවලපිටිය නගරයේ පෞද්ගලික බෙහෙත් වෙළෙදසැලක සේවය නිමකර පා ගමනින් නිවසට පැමිණෙමින් සිට ඇති අතර අදාල තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සිදු කල සොයා බැලීමකදී ඔහුගේ සිරුර මෙලෙස ගගේ තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීම සියදිවි නසාගැනීමක් ද අනතූරක්ද එසේ නැතිනම් ඝාතනයක් ද යන්න සොයා බැලීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post