පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී තියුණු ආයුධයකින් සිසුවෙකුගේ පාදයකට පහර දී ඇති අතර එම පාසල් සිසුවා ඇතුළු තව සිසුවෙක් දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.