වැලන්ටයින් දවසේ සිය පෙම්වතිය පැහැර ගැනීමට පැමිණි පෙම්වතෙකු ට සිදු වෙච්ච අකරතැබ්බයක් ගැන පුවතක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වැලන්ටයින් දිනයට පෙර දිනයේ පෙම්වතා විසින් පෙම්වතියට ජංගම දුරකතයක් අරන් දී ඇති අතර මව මේ පිලිබදව දැනගෙන එම දුරකතනය සිය භාරයට ගෙනතිබෙනවා. ඉන් පසුව පෙම්වතිය සිය සිම්පත වෙනත් දුරකතනයකට දමා පෙම්වතා අමතා අතරමගට එන්නට පවසා තිබෙනවා. පෙම්වතා විසින් මෙලෙස පෙම්වතිය රැගෙන යෑමට පැමිණෙන අතරමගදී වෙනත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ වන විටත් අතරමගට පැමිණ සිටි පෙම්වතිය සිය පෙම්වතා නොපැමිණීම නිසා අතරමං වී ඇති අතර එහිදී අතරමං ව සිටි දැරිය දැක පාරේ ගමන් ගත් පිරිසක් විසින් මැදියම් රාත්‍රියේ ඇයව නිවසට පැමිණ භාර දී තිබෙනවා.
ඒ වන විටත් දැරියගේ මවද සොඉය දරුවා නිවසේ නැති බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගොස් ඇති අතර එහිදී සැකකාර තරුණයා ද පොලිසියේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
]