මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ලොව පුරා රටවල් ගණනක් පිඩාවට ලක්ව තිබෙනවා. මේ වන විට කොරෝනා එන්නත් විවිධ රටවලින් නිෂ්පාදනය කර තිබෙන අතර යම් දුරට මෙම එන්නත් හරහා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පවතී.
කෙසේ වෙතත් මේ වන විට මෙම වෛරසය පිලිබදව විවිධ මට්ටමේ පරීක්ෂණ වලට භාජනය කෙරෙමින් නව තොරතුරු පර්යේෂකයින් විසින් සොයාගන්නා අතර මේ වන විට සිදු කල නවතම පරික්ෂනයකින් තොරතුරු අනාවරණය වී තිබෙන්නේ ඇස් කණ්නාඩි පළදින අයට මෙම කොරෝනා වෛරසය වැළදීමේ ප්‍රවණතාව යම් අඩුවක් තිබෙන බවයි. බොහෝ විට ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් සිය මුහුණ නිරන්තරයෙන් ස්පර්ශ කිරීමක් සිදු නොකරන අතර මෙය කොරෝනා වෛරසය වැළදීමේ අවදානම අඩු කිරීමට හේතු වී ඇති බවයි අනාරණය වී ඇත්තේ.