News Line| Off Air
Generic placeholder image

Feb
22

සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් කාන්තාවක් සිය තුන් හැවිරිදි දරුවා සමග ළිදට පැන සිය දිවි නසාගනී

584 Views


සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්  කාන්තාවක් සිය තුන් හැවිරිදි දරුවා සමග ළිදට පැන සිය දිවි නසාගනී

බිබිල ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිය තුන් හැවිරිදි දරුවා සමග අසල ඉඩමක තිබු ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

හමුදා රාජකාරියේ නිරත සිය සැමියා සමග මෙලෙස එම කාන්තාව විසින් එදින රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතව සිට තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් මෙලෙස දුරදිග ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා නිවසේ නොසිටීම නිසා ඥාතින් විසින් සිදුකල සොයා බැලීමකදී මෙලෙස අසල ළිදේ සිරුරු දෙක පාවෙමින් තිබී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post