වයස අවුරදු 13 ක් සහ 14 වියැති පිරිමි දරුවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ සිද්ධියකට එම දරුවන් දෙදෙනාගේ මවගේ අනියම් සැමියා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි. අවිවාහක 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල පුද්ගලයා දරුවන්ට කාටුන් පෙන්වන්න යැයි සදහන් කරමින් සිය නිවසට රැගෙන ගොස් මාස කිහිපයක සිට මෙලෙස දරුවන් දෙදෙනා අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.