කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන සිකුරාදා(26) පෙ.ව. 08.00 සිට 28වන ඉරිදා ප.ව. 08.30 දක්වා කාලය තුළ නතර කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනු ලබනවා.
මෙම කාලසීමාවේ දී කටුනායක සහ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණි. ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ 28වන ඉරිදා ප.ව 08.30 සිට සාමාන්‍ය පරිදි යළි දුම්රිය ධාවනය සිදුවන බවයි.