පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් හා මිය ගිය සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙන අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බවයි පැවසෙන්නේ.