News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

මව ඥාති ගෙදරක නවතා ගිය 07 හැවිරිදි දරුවා ඥාති සහෝදරයෙකු සිදු කල පහරදීමකින් මරුට

798 Views


මව ඥාති ගෙදරක නවතා ගිය 07 හැවිරිදි දරුවා ඥාති සහෝදරයෙකු සිදු කල පහරදීමකින් මරුට

ඥාති සොහොයුරෙකු විසින් තියුණු ආයුධයකින් කල පහරදීමකදී අවුරදු 07 ක කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙම පුවත කිළිනොච්චි ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම දරුවාගේ මව විසින් අදාල දරුවා සහ තවත් දරුවන් දෙදෙනකු සමග ඥාති නිවසක නතර කර මව මඩකලපුව ප්‍රදේශයට ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අදාල දරුවා සිය ඥාති සහෝදරයා සමග නිවසින් පිටව ගොස් ඇති අතර නිවසට යාබද ඉඩමක වැටි සිටියදී අදාල දරුවා ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා.වයස අවුරදු 17 ක් පමණ වන එම ඥාති සහෝදරයා අදාල සිද්ධියෙන් පසු මේ වන තෙක් සොයාගැනීමට හැකිව නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

මෙම සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post