News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

දෙදරු පියකුගේ මළ සිරුරක් වල්පොළ කදුරුගම වැවෙන් මතුවෙයි

898 Views


දෙදරු පියකුගේ මළ සිරුරක් වල්පොළ කදුරුගම වැවෙන් මතුවෙයි

වල්පොළ කදුරුගම වැවේ ගිලී තිබියදී දෙදරු පියෙකුගේ මළ සිරුරුක් හමුව තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකදී මෙම මළ සිරුර හදුනා ගෙන තිබෙන අතර ඒ එම වැව අසලින් ගමන් කරමින් සිටි ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ බව පොලිසියට දැනුවත් කිරීමත් සමගයි.

මේ අනුව අදාල පුද්ගලයා පැමිණියේ යැයි පැවසෙන එම යතුරු පැදිය සහ අදාල මළ සිරුර ගොඩගැනීමෙන් අනතුරුවමූලික මහෙස්ත්‍රාත් පරික්ෂණයක් සිදුකර කර මළ සිරුර පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සිරුර රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කදාන ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ජී.ආර්. ලයනල් ප්‍රේමවංශ (47) නමැති දෙදරු පියකු වන අතර මරණය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post