ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මිට සමගාමිව සැමරුම් උත්සවය අද ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එම සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා සාමාජිකයින් 7757 කගේ උසස්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම හෙට සිට 05 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙනු ඇති.