News Line| Off Air
Generic placeholder image

Mar
2

කොළඹ වේල්ල වීදියෙන් හමු වූ හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර පිලිබදව තොරතුරු රැසක් අනාවරණය වෙයි

1157 Views


කොළඹ වේල්ල වීදියෙන් හමු වූ හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර පිලිබදව තොරතුරු රැසක් අනාවරණය වෙයි

කොළඹ වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුරක් ඊයේ දිනයේ සොයා ගත් අතර හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය පිටකොටුව, වේල්ල වීදියට රැගෙන ගොස් ඇත්තේ, 143 ගමන් මාර්ගය ඔස්සේ, හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් බව අනාවරණය වී තිබෙනවා..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ බව කියන බස් රථය පොලිස් භාරයට ගෙන එහි රියැදුරු සහ බස් රථ සහයකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. බස් රථය ගමන් ආරම්භ කළ හංවැල්ල ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු ගමන් බෑගයක් රැගෙන බස් රථයට ගොඩ වූ බව ඔවුන් දෙදෙනා පිළිගෙන තිබෙන අතර . මහ මග දමාගොස් තිබියදී පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ සොයා ගැනුණු මළ සිරුර වයස අවුරුදු 20 ක් පමණ වු තරුණියකගේ බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මාධ්‍ය ඔස්සසේ පළ කෙරුණු වීඩියෝ පටයේ සිටින පුද්ගලයා පිළබඳ යම් තොරතුරක් වේ නම්, පහත අංක අමතා වහාම දැනුම් දෙන ලෙසයි.

*වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති – 0718591557
*කොළඹ හදිසි ඇමතුම් ඒකකය – 0112 433333


News Articles
Latest Videos
Most Popular Post