News Line| Off Air
Generic placeholder image

Mar
2

නයිජීරියාවේ දී පැහැරගත් සිසුන් පිරිසට නිදහස

515 Views


නයිජීරියාවේ දී පැහැරගත් සිසුන් පිරිසට නිදහස

නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 17 වනදා ඔවුන් පැහැර ගනු ලැබු අතර නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත.

පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු වී තිබේ.

පැහැරගැනීම සිදූවූ අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තිබු අතර අදාළ පාසලේ සිසුන් 1000කට අධික පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි


News Articles
Latest Videos
Most Popular Post