News Line| Off Air
Generic placeholder image

Mar
3

අනියම් සම්බන්ධය නිසා කුරුවිට තරුණිය ඝාතනය කළ බුත්තල එස් අයි සියදිවි නසා ගැනීමට පෙර බිරිදට ලියූ ලිපිය

12600 Views


අනියම් සම්බන්ධය නිසා කුරුවිට තරුණිය ඝාතනය කළ බුත්තල එස් අයි සියදිවි නසා ගැනීමට පෙර බිරිදට ලියූ ලිපිය

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හදුනාගත් අතර එම ඝාතනයේ සැකකරු 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කල අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

අදාල ඝාතනය සිදු කල බව පැවසෙන මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද පොලිසියට පවසා ඇත්තේ සිය සැමියා ඉකුත් 27 වනදා නිවසින් පිට වී ගිය බවත් ඊයේ අලුයම් කාලයේදී නැවත ඔහු නිවසට පැමිණි බවත්ය. පොලිසිය විසින් ඔහුගේ නිවස වැටලීමේදී අදාල ඝාතක උප පොලිස් පරීක්ෂකවරයා නිවසේ පිටුපස දොරෙන් යාබද කෑලැ ප්‍රදේශයකට පලා ගොස් තිබෙනවා.

මෙලෙස පළා යෑමට පෙර ඔහු විසින් සිය නිත්‍යානුකුල බිරිදට ලියු ලිපියක්ද හමුව තිබෙන අතර එහි සදහන් කර ඇත්තේ ” මම ලොකු වරදක් කලේ, ඔයාලට නින්ද අපහාස විදින්න වෙයි, ඒවා විද දරාගෙන ජිවත් වෙන්න, අම්මාගේ තුන් මාසේ දානේ දෙන්න, පොලිසිය මාව හොයාගන්න පුළුවන් තැනක සුසයිඩ් කරගන්නවා. ” යනුවෙන් බිරිදගෙන් සමාව ඉල්ලා ලිපියක් තබමින්.

පොලිසිය සමග ගොස් දරුවන් දෙදෙනා සහ බිරිද ඊයේ රාත්‍රියේ කැලැ බද ප්‍රදේශයට ගොස් කෑ ගසමින් අමතා ඇති නමුත් ඔහු පැමිණ නෑ. අද උදෑසන ඔහුගේ මෘත ශරීරය ඒ අසල ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post