News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ සහෝදරයා එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

1774 Views


ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ සහෝදරයා එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

පසුගියදා වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු හෙලි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වී හිස නොමැති සිරුර ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගේ සොහොයුරියක් බවට වාර්තා වෙයි.

සැකකරු අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මෙම පොලිස් නිලධාරියා එජාප මන්ත්‍රීවරයෙක්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කලක් සේවය කර තිබෙන බවට වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post