News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 15 දෙනෙක් මහමගට බිලි

817 Views


ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 15 දෙනෙක් මහමගට බිලි

මෙරට දෛනිකව සිදුවන රිය අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිසිය සදහන් කරනවා.

මේ අතර ගත වු පැය 24 ක කාලයක් තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15ක් මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඉන් පුද්ගලයින් 06ක් පදිකයින් බව ඒ මහතා පැවසීය

05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති අතර , දෙදෙනෙකු ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය ගොස් තිබේ. තවත් දෙදෙනෙකු පාපැදි සහ වෑන් රථ අනතුරුවලින් මියගොස් තිබේ.

ගතවු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 40 කි.


News Articles
Latest Videos
Most Popular Post