News Line| Off Air
Generic placeholder image

Mar
5

ඝාතනයට ලක් කුරුවිට තරුණියගේ හිස සොයා SI ගේ නිවෙස අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්

1959 Views


ඝාතනයට ලක් කුරුවිට තරුණියගේ හිස සොයා SI ගේ  නිවෙස අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්

පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ තිබෙන ළිඳකට දමා ඇත්දැයි යන සැකය මත එම ළිඳ හිස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. .

ඒ පොලිස් නිලධාරියා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් අනුවයි. එම බෑගයේ දමා මොහු තරුණියගේ හිස ගෙදරට ගෙනැවිත් ලඳු කැලෑවට හෝ වත්තේ ඇති ළිඳට දැම්මේ ද යන්න සොයා බැලීමට පොලිසිය මෙම පියවර ගෙන තිබෙනබව වාර්තා වෙන අතර
එහෙත් කාන්තා හිසක් සොයා ගැනීමට හෝ කළු බෑගයක් සොයා ගැනීමට නිලධාරීන්ට තවමත් හැකි වී නොමැත.

සිය සැමියා නිවසට පැමිණෙන විට කළු පැහැති බෑගයක් කරේ එල්ලාගෙන පැමිණි බව ඔහුගේ බිරිඳ ද හෙළි කර තිබු අතර එම බෑගය සී.සී.ටී.වී. දර්ශනවල පෙනෙන ආකාරයට ඔහු විසින් කරේ එල්ලාගෙන ඇති බෑගයමද යන්න තවමත් තහවුරුවී නොමැති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා නතරව සිට ඇති හෝටලය පිහිටා ඇත්තේ කැලණි ගඟ ආසන්නයේ වන අතර මේ අනුව හිස කොටස ඇගේම ඇඳුම් බෑගයට දමා කැලණි ගඟට විසිකරන්නට ඇති සැකය මත ද ඒ පිළිබඳව ද විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් ඊයේ සවස් සිට ආරම්භ කල බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post