ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.
පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.