News Line| Off Air
Generic placeholder image

Mar
8

ගැහැණියකගේ ඉව

893 Views


ගැහැණියකගේ ඉව

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සෑම කාන්තාවක්ම දියණියක් බිරිදක් මවක් යෙහෙළියක් වශයෙන් ලෝකයට ලබාදෙන ශක්තිය අති මහත්. කාන්තාවන්ට තිබෙන ඉව මේ ලෝකයේ කිසිම සත්වයෙකුට නොමැති අතර යම් අනතුරක් සිදු වීමට එනම් ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබද දැනීමක් බොහෝ විට කාන්තාවන්ට තිබෙනවා.

බොහෝ කාන්තාවන්ට අනතුරක් සිදු වේය යන්න පිලිබදව පෙර දැනීමක් තිබුණද ඒ අනතුර කුමක් ද ඒ මොහොතේ කළ යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයක් නොමැති බවක් සමාජයේ වෙසෙන කාන්තාවන් දෙස බැලීමේදී පෙනෙනවා. ඉකුත් දා කුරිරු ලෙස ඝාතනයට ලක් වූ තරුණිය ද මෙලෙස අනතුරක් සිදු වේ යන්න යම් හැගීමක් හෝ දැනෙන්නට ඇති. එනමුත් තීරණ ගැනීමේදී ඇති ප්‍රමාදය හේතුවෙන් ඇයට අද ජිවතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබෙනවා. එපමණක් නොව ඇයගේ මව තවමත් සිය දියණිය එනතුරු අනුකම්පා සහගතව මග බලා සිටිනවා. මේ අතර මෙවන් කුරිරු ඝාතනයක් කළ පුද්ගලයට අවසාන වශයෙන් පොලිසිය විසින් තීරණය කරනවා මේ සිදු කරනා ලද අපකීර්තිය හේතුවෙන් දේහයට පොලිස් ගෞරව නොදීමටත් එමෙන්ම දේහයට පොලිස් නිල ඇදුමෙන් සැරස වීමට කටයුතු නොකර සිටීමත්, මේ සියලු දේ මෙලෙස වෙද්දී ඔහුගේ ස්වාමියා පිලිබදව දැන දැනත් ඔහුගේ බිරිද ඔහුගේ දේහය භාර ගැනීමට කැමති වෙනවා. හිත කඩා වැටුණු මොහොතකත් ඉතා ශක්තිවන්තව මේ ආකාරයට මුහුණ දෙන්නට හැකියාවක් තියෙන්නේද කාන්තාවන්ටයි.. අද කතා බහ මේ පිලිබදවයි….


News Articles
Latest Videos
Most Popular Post