News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තවත් විශිෂ්ට ජයක්

353 Views


ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තවත්  විශිෂ්ට ජයක්

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමාත් වුණා.

මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණය වනවා.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 89ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේදී කඩුල්ලක් පමණක් දැවී තිබියදීය. නායක ටී.එම් ඩිල්ෂාන් පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post