News Line| Off Air
Generic placeholder image

Mar
9

ඝාතනය වු තරුණියගේ DNA පරීක්ෂණ වාර්තාව එළියට

1720 Views


ඝාතනය වු තරුණියගේ DNA පරීක්ෂණ වාර්තාව එළියට

කොළඹ, වේල්ල වීදිය‍, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුරේ ලබා ගත් DNA සාම්පල සහ ඇයගේ මවගේ සහ සහෝදරයාගේ ලබාගත් DNA සාම්පල එකිනෙකට ගැළපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

රජයේ අතිරේක රස පරීක්ෂක D H L W ජයමාන්න මහතා විසින් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර ඔහු එම ඝාතනය වු තරුණියගේ DNA ඇයගේ මවගේ සහ සහෝදරයගේ DNA සාම්පල හා සැසදෙන බව තහවුරු කර තිබෙනවා.

මේ අනුව එම හිස නොමැති කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය ජීව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post