බාල වයස්කාර කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කල දෙදරු පියෙකුට මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 34ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
එම සිරදඬුවම වසර 15කින් ගෙවී යා යුතු බවත් රුපියල් 10,000/- දඩයක්ද අපයෝජනය වූ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද කොළඹ මහාධිකරණයෙන් වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.
නිවසේ සිටි අදාල පුද්ගලයාගේ දියණිය කඩයකට යවා සෙල්ලම් කිරීමට සිය නිවසට පැමිණි කුඩා දැරියව නාන කාමරයට රැගෙන ගොස් මෙලෙස ලිංගික අපයෝජනයට ලක් ඇති බවට වන චෝදනාව සැකයකින් තොරව ඔප්පු වීම නිසා අදල පුද්ගලයා වැරදිකරු වී තිබෙනවා.