කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් විරෝධතාවක නිරත වන බවක් වාර්තා වෙනවා. ඒ හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා නිරත වන සත්‍යග්‍රහයට සහය පළ කරමින්.
මේ අනුව කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට ප්‍රදේශයෙන් අවහිර කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.