News Line| Off Air
Generic placeholder image

Mar
11

හමුදා ට්‍රැක්ටර් රථයක ගැටී පොලිස් සැරයන්වරයෙකු මරුට

696 Views


හමුදා ට්‍රැක්ටර් රථයක ගැටී පොලිස් සැරයන්වරයෙකු මරුට

යතුරුපැදියක් හමුදා ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මරණයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථය පැදවු හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post