ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා. එහි මිල ඇමරිකානු ඩොලර් දොළහකට නම් කර තිබෙන බව අ ඇමසන්’ ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන්.
සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ පිලිබදව බොහෝ දෙනා අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
