ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ, සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය ශත 25ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුවී ඇති බවය.
මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි පෙන්වා දෙන සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට හිතවාදී ව්‍යාපාරිකයින් පිරිසකට සහන සලසාදීම සඳහා මෙලෙස බදු ප්‍රතිශතය අඩු කළ බවද සඳහන් කරයි.
මෙරටට සීනි ආනයනයේදි රජයට අහිමි වූ බදු මුදල අයකර ගැනීමට පෙත්සමක්
මෙරටට සීනි ආනයනය කිරීමේදී පැනවූ බදු සහනයෙන් රජයට රුපියල් කොටි 1595 කට අධික බදු මුදලක් අහිමි කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාල පෙත්සම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලෙකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ, රජයට එවැනි අති විශාල පාඩුවක් කරමින් සීනි ආනයනය කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් එම දූෂණය වැලැක්වීමට අපොහොසත්වීම හෝ පැහැර හැරීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තතරකරුවන්, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.
පාඩුව යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු රුපියල් කෝටි 50 ක වන්දියක් අයකරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.