News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

532 Views


දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post