News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා තරුණියන් සුල්තාන්වරුන්ට විකුණු කාන්තාවක අල්ලයි

601 Views


ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා තරුණියන්  සුල්තාන්වරුන්ට විකුණු  කාන්තාවක අල්ලයි

මෙරට තරුණ කාන්තාවන්ට ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා එරටට රැගෙන ගොස් සුල්තාන්වරුන්ට විකුණු කාන්තාවක පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇයට විරුද්ධව සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මෙලෙස ඇයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ සොයා බැලීමකදී මෙලස මෙම ජාවාරම හෙළිව තිබෙන්නේ.

අදාල අත් අඩංගුවට ගත් කාන්තාව තරුණ රූමත් කාන්තාවන් හට ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා රැගෙන ගොස් එම කාන්තාවන් සුල්තාන්වරුන්ට විකුණා තිබෙන අතර අදාල මෙම කාන්තාව පෙබරවාරි 25 වෙනිදා ඕමානයේ සිට මෙරටට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාව අදාල නිරෝධායන කාලයෙන් පසුව එලියට පැමිණ පසු විදේශ සේවා කාර්යාංශය සහ පොලිසිය එක්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post