News Line| Off Air
Generic placeholder image

Mar
15

අනියම් ඇසුර සැමියාට හසු වී දිනකින් පසු අභිරහස් ලෙස මියගිය හෙද බිරිය

3986 Views


අනියම් ඇසුර සැමියාට හසු වී දිනකින්  පසු අභිරහස් ලෙස මියගිය හෙද බිරිය

කොළඹ ජාතික රෝහලේ හෙදියක එම රෝහලේ කාමරයක හදිස්සියේ මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා. ඇය සියදිවි නසාගැනීමේ අදහසින් එන්නතක් විදගෙන ඇති බවටයි කරුණු වාර්තා වන්නේ.

මෙම මිය ගිය හෙද බිරිය විවාහක සිය සැමියාට රහසිගතව අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එම අනියම් ඇසුර පිලිබදව ඇයගේ සැමියා මෙම හෙදිය මිය යාමට දිනකට පෙර දැනගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ පිලිබදව වැඩි දුරටත් සදහන් කරමින් සැමියා සදහන් කරන්නේ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වන බවද තමන් සහ මෙම හෙදිය මිට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත් ඔවුන් දෙපලට තවම දරුවන් නොසිටි බවත් ඔවුන් දෙපල සැමියාගේ නිවසේ ජීවත්ව ඇති බවත් වාර්තා වෙනවා. සතියකට දින 03 ක් ඇය නිවසට පැමිණ යන බවත් ඇය රෝහලේ නේවාසිකාගාර වල අනිත් දවස් වල ජිවත් වන බවයි සදහන් වන්නේ.

මෙම සිදුවීම වීමට දිනකට පෙර බිරිද ගෙදර ගිය පසු සැමියා විසින් ඇයගේ ජංගම දුරකතනය පරික්ෂා කර ඇති අතර එහිදී සැමියාට දැකගන්නට ලැබ ඇත්තේ වට්ස් ඇප් ඔස්සේ පැමිණ ඇති අනියම් ඇසුරක් පිලිබද පණිවුඩයි. මේ පිලිබදව සැමියා විසින් ඇයගෙන් විමසා ඇති අතර එම අනියම් ඇසුර පිලිබදව සිය බිරිය පිළිගත් බවත් ඔහු රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් බවයි දැනගන්නට ලැබ ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post