News Line| Off Air
Generic placeholder image

Mar
15

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

614 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට  මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවර එළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තදවැසිද ඇතිවියහැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post