මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත් හිටවූ රටවල් අතරට අලුතින් නෙදර්ලන්තය සහ අයර්ලන්තය එක් වී තිබෙනවා. ඒ තවත් යුරෝපා රටවල් කිහිපයක්ම මේ එන්නත භාවිතය තාවකාලිකව අත් හරින ලද පසුබිමකයි.
කෙසේ වෙතත් රුධිර කැටි ගැසීම ඇතුළු ආසාත්මිකතා දැනට පවතින සාක්ෂි මගින් ඔප්පු නොවන බවයි එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා සදහන් කරන්නේ. මේ පිලිබදව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ එන්නත භාවිතය නතර කිරීමට තරම් හේතුවක් දැනට නොමැති බවයි.