සුරාබදු නීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සමත්ව තිබෙනවා.
මාතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම සමාජ ශාලාව තුල තිබී විදෙස් මත්පැන් මිලිලීටර එක් ලක්ෂ පනස්දහසක් හමුව තිබෙන අතර සමාජ ශාලා හිමි කරු අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබෙනවා.