News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය තාවකාලිකව නවතා දමයි

886 Views


තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය තාවකාලිකව නවතා දමයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල රටවල් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් එක් වී තිබෙනවා.

එම එන්නත භාවිතයෙන් පසුව රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග මෙලෙස මෙම තීරණයට පැමිණි බව ජර්මනිය සදහන් කරන අතර ප්‍රංශය ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අත්හිටුවන ලද අතර දෙසතියක කාලයක් සඳහා ස්පාඤ්ඤය ද මෙම තීන්දුවකට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නතර නොකරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post