News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

මුහුදේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා බේරගන්න මුහුදට පැන්න තරුණයාට අත් වූ ඉරණම

682 Views


මුහුදේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා බේරගන්න මුහුදට පැන්න තරුණයාට අත් වූ ඉරණම

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ දී මුහුදේ ගසාගෙන ගිය කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජිවිත බේරාගැනීමට සිය ජිවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක් පිලිබදව මීගහතැන්න – හොරවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාල තරුණයා සහ තවත් පිරිසක් පානදුරේ ඔවුන්ගේ ඥාති ගෙදරක ගොස් නැවත පැමිණෙමින් සිටියදී කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට ද පැමිණ තිබෙන අවස්ථාවේ පැමිණි පිරිස සමග අදාල තරුණයා ජායා රූප ගනිමින් සිටින අවස්ථවේ කුඩා දරුවන් දෙදෙනකු මුහුදේ ගසාගෙන යනවා දැක එම දරුවන් බේරා ගැනීම සදහා මුහුදට පැන්න අදාල තරුණයා දරුවන් බේරාගැනීමට උත්සහ කිරීමේදී ඔහුව රළ පහරකට හසුව දියේ ගිලි තිබෙනවා. ඒ අවස්ථවේ එතන සිටි තවත් පිරිසක් විසින් දිය ගිලුණු මෙම තරුණයා ගොඩට ගෙන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී මෙම තරුණයා මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

31 හැවිරිදි අදාල තරුණයා සිවිල් ඉංජිනේරුවෙකු ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරන ලද අතර දරුවන් දෙදෙනෙකුගේ ජිවිත බේරා ගැනීම සදහා සිය ජීවිතයෙන් වන්දි ගෙවූ මෙම තරුණයාගේ දේහයට ගෞරව දැක්වීම සදහා එම නිවසට බොහෝ දෙනා පැමිණෙමින් තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post