මීට වසර 25කට පෙර 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක් තිස්සේ නොලැබුණු තෑග්ගක් අද අගමැති ප්‍රධානත්වයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වසර 25ක් තිස්සේ එම ක්‍රීඩකයන්ට නොලැබුණු ඔවුන්ට හිමි රන් පදක්කම්.
එම අවස්ථාවේදී ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පදක්කම් ලබාදීමක් සිදු නොවුණු අතර ඊට හේතු වුයේ පළමු වරට ලෝක කුසලානයක් දිනාගත් කණ්ඩායමක පදක්කම් පැලදීමක් සිදු වුයේ 2003 වසරේදී වීමයි.
ඒ අනුව යමින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් 1975 වසරේ සිට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් සියලුම කණ්ඩායම් වෙත පදක්කම් පිරිනැමීමට තීරණය කල අතර ඒ අනුව 96 ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක ශුරයින්ට හිමි රන් පදක්කම් මිට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඒවා තිබුණු නමුත් එම පදක්කම් ක්‍රීඩකයින්ට මේ දක්වා ලබා දීමක් සිදු වී නෑ.
මේ අනුව අද දිනයේ අගමැති ලෝක ශූරතා පදක්කම් එම ක්‍රීඩකයන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ සදහා විශේෂ උපහාර දැක්වීමක් අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.