News Line| Off Air
Generic placeholder image

Mar
17

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 25 අධික රන් මාල කොල්ලයක්

757 Views


ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 25 අධික රන් මාල කොල්ලයක්

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලකින් ලක්ෂ 25 අධික රන් මාල කොල්ල කා පුද්ගලයෙක් පළා ගොස් තිබෙනවා. මේ සොරකම ඊයේ දිනයේ සිදුව ඇති අතර අදාල පුද්ගලයා මෙම රන් භාණ්ඩ වෙළෙද සැලට රන් මාල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා පැමිණ තිබෙන අතර එහිදී අදාල වෙළෙද සැලේ සේවකයෙකු විසින් ඔහුට රන් මාල තුනක් පෙන්වා තිබෙනවා. එම අවස්ථාවේදී අදාල පුද්ගලයා එම රන් මාල පරික්ෂා කරන මුවාවෙන් රැගෙන පළා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු රැගෙන ගිය මාල වල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික බවයි පැවසෙන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post