News Line| Off Air
Generic placeholder image

Mar
17

අද දවසේ ඔබගේ ලග්නයට අදාල ලග්න පලාපල මෙන්න

1066 Views


අද දවසේ ඔබගේ ලග්නයට අදාල ලග්න පලාපල මෙන්න

අද 2021 මාර්තු මස 17 වනදා

රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 12.19 සිට සවස 06.22 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.17 සිට අලුයම 01.48 දක්වා

සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – නිරිත

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දිනය අදායම් මාර්ග වර්ධනය කරගත හැකි දිනයකි. පොදු කටයුතු සහ සමාජ සේවා විදේශ කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. සැගවුණු ධනය ඉස්මතු කරගත හැකි මානව කටයුතු කළමනාකරණය කටයුතු කරන පිරිසට ඉතා යෝග්‍ය දිනයක්. එමෙන්ම අධ්‍යාපන කටයුතු වලට යහපත්.

  

මිථුන ලග්නය 

අද දින ඔබට ජීවිතය ජය ගත හැකි මාර්ග පෙන්නුම් කරන දිනයකි. අදායම් තත්වය සහ අතිරේක අදායම් මාර්ග ක්‍රමවේද වැඩි දියුණු කරගත හැකි දිනයකි. නිර්මාණශීලි කටයුතු වලට සිත යොමුවන දිනයකි. අද දිනයේ ඔබට අන් අයගේ සහයෝග ලැබෙන දිනයක්.

කටක ලග්නය 

කටක ලග්නයෙන් උපන් ඔබද අද දිනය ඉතා කල්පනාකාරීව වැඩ සිදු කරගත යුතු දිනයකි. විශේෂයෙන්ම හවුලේ සිදු කරන දේවල් පිලිබදව අවදානයෙන් යුක්තව කටයුතු කල යුතු දිනයකි. පෙර පින් ඉස්මතු කරගත හැකි දිනයකි. අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණෙන දිනයකි. ප්‍රේමනීය සබදතා වලටද බාධා සිදු විය හැකි දිනයක්.

කන්‍යා ලග්නය 

අද දිනයේ ඔබට හවුලේ සිදු කරන වැඩ කටයුතු වලට යහපත් දිනයක්. උසස් අධ්‍යාපනය හදාරන අය ඔබේ අධ්‍යපාන කටයුතු වලදී ධාරණ මතක ශක්තිය ඉතා ඉහලයි. පොත් පත් ආශ්‍රිත දේවලට හිත යොමුවන දිනයක්. ප්‍රේමනීය හා විවාහ ජිවිතයට යම් කිසි බාධා සිදුවන දිනයකි. උදරාබාධ , ආමාශගත රෝග ඉස්මතු විය හැකි දිනයකි.

තුලා ලග්නය 

තුලා ලග්නයෙන් උපන් ඔබ අද දිනයේ යම් කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කල යුතු දිනයකි. ප්‍රේමනීය කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. ජලය පානය කිරීමේ අඩුකම නිසා යම් රෝගාබාධ ඉස්මතු විය හැකි දිනයක් බවද සදහන්. ඉවසීමෙන් වැඩ කටයුතු සාර්ථක කරගත හැකි , භාෂාව , නීතිය හා පොදු වැඩවලට අද දිනය සුබයි.

මකර ලග්නය 

ඔබට යම්කිසි විශ්වාසයක් ඇතිව අද දිනයේ වැඩ කටයුතු සිදු කරගත හැකි දිනයකි.ඔබගේ පෞරුෂය පිලිබදව සැලකිලිමත් වී යුතු දිනයක් වන අද දිනය භාෂාව පරිහරණය කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු දිනයක්. වියදම ඉහල යන දිනයක්. යන එන ගමන් බිමන් ආශ්‍රය කරන පුද්ගලයින් පිලිබදව සැලකිලිමත් විය යුතු දිනයකි.

කුම්භ ලග්නය 

අද දිනයේ ඔබ තරමක් කල්පනාකාරී විය යුතු දිනයක්. කලබල වෙලා කිසිදු කටයුත්තක් නොකරන්න. ඔබේ වියදම් පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න. කලාත්මකදේට හිත ඇදී යන දිනයක්. යාන වාහන අලුත් වැඩියා කරගත හැකි ගෘහස්ත ජිවිතයේ දියුණු උදෙසා වැඩ කටයුතු සිදු කරගත හැකි දිනයකි.

මීන ලග්නය 

මීන ලග්නයෙන් උපන් ඕනට අද දිනය ඔබගේ අදායමට වඩා වියදම වැඩිවෙය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ආවේගශීලි ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයක්. ආහාර ගැනීමේ රටාව පිලිබදව සැලකිලිමත් විය යුතු දිනයක්.

වෘෂභ , සිංහ , වෘශ්චික , ධනු ලග්න හිමියන්ට අද දිනය මිශ්‍ර පල ගෙන දෙන දිනයක්.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක

දුරකථන – 077 8995353


News Articles
Latest Videos
Most Popular Post