ඉදිරි උත්සව සමයත් සමග ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිලිබදව සැලකිලිමත්ව පසුවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.
මේ අතර පෙරේදා දිනයේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.