News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලට සවස් වරුවේ වැසි

434 Views


දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලට සවස් වරුවේ වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට

අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post