News Line| Off Air
Generic placeholder image

Mar
22

රෝඩ් සේෆ්ටි අනුශුරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට

396 Views


රෝඩ් සේෆ්ටි අනුශුරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට

ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයෙන් අනුශුරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඊයේ හිමි වුණා. ශුරතාවය දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණි.

ඒ අනුව, ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ලකුණු 14ක ජයක් හිමිවූ අතර කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ නායක සචින් තෙන්ඩුල්කාර් හා විරේන්ද්‍ර ශෙවාග්.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ශෙවාග් ලකුණු 10කට දවා ගැනීමට රංගන හේරත් සමත් විය.

ඉන්දීය ලෙජන්ඩ්ස් මුල් පෙල කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 35කදීය.

අනතුරුව නායක සචින් තෙන්ඩුල්කාර් සමග එක් වූ යුවරාජ් සිං ඉන්දීය ලෙජන්ඩ්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගුවේය.

තෙන්ඩුල්කාර් ලකුණු 30ක් ලබා ගත් අතර යුවරාජ් සිං පන්දු 41කින් ලකුණු 60ක් රැස් කළේය.

හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත් විය.

යූසුෆ් පතාන් පන්දු 36කින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය.

රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181කි.

නායක ටී.එම්. ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය.

ඩිල්ෂාන් ලකුණු 21ක් ලබා ගත් අතර සනත් ජයසූරිය පන්දු 35කදී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.

ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

චින්තක ජයසිංහ ලකුණු 40ක් ලබාගත් අතර කෞෂල්‍ය වීරරත්න ලකුණු 38ක් ලබා ගත්තේය.

තරගාවලි⁣යේ වීරයා සම්මානය ටී.එම්. ඩිල්ෂාන්ට හිමිවිය.


News Articles
Latest Videos
Most Popular Post